ශ්‍රී ලංකාවේ ලෝක උරුම
Tuesday, May 3, 2011
මිහින්තලය
මිහින්තලය යනු මිහිදු මහරහතන් වහන්ෙස් වැඩම කළ ස්ථානයයි.ඒවකට අනුරාධපුර රාජධානිෙයහි රජකම් ක ෙළ් ෙද්වානම්පියතිස්ස රජතුමාය. ෙමම ස්ථානයට නැගීමට උස ගල් පඩි 1840 ක් පිහිටා තිෙබ්. ඒෙස්ම ෙපෟරාණික ෙගාඩනැගිලි රාශියක් ඒ අවට දක්නට ලැෙබ්.බුද්ධ වර්ෂ 236 දී ෙදවන පෑතිස් රජතුමා විසින් ෙලන් 68 ක් ඉදිකරවා අැති බව සදහන් ෙව්.ෙමම ස්ථානය අම්බස්තලය යනුෙවන් ද හදුන්වයි.
Monday, April 25, 2011
ශ්‍රී මහා බෝධිය
බුද්ධ වර්ෂ 236 දී දෙවන පෑතිස් රජුගේ ආරාධනාව පරිදි මිහිදු මහරහතන් වහන්සේගේ නැගනිය වන සංඝමිත්තා තෙරණියන් වහන්සේ විසින් ලක්දිවට ගෙන එන ලද ස්ථානය ශ්‍රී මහා බෝධිය නමින් හදුන්වයි.මෙය දෙවනපෑතිස් රජු විසින් අඩි 21ක් උසටත් අඩි 71ක් දිගටත් අඩි 57ක් පළල වන සේ ගොඩනැගිල්ලක් සාදවා රෝපණය කරන ලදී.බෞද්ධ ජනයා ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන ගෞරවය දක්වන්නේ ජීවමන බුදුරජානන් වහන්සේට කරන ගෞරවය හා භක්තිය ඇතිවය.ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලෝක බෞද්ධ ජනයගේ ලෝක උරුමයකි.
ඉසුරුමුණිය
මෙය අතීතයේ මේඝගිරි විහාරය නමින් හඳුන්වන ලදී.මෙය මහාමේඝ වනයේ පිහිටා තිබූ හෙයින් දෙවන පැතිස් රජතුමාගේ කාලයේ සිට පැවත එන බව සිතිය හැක.දළදා වහන්සේ පළමුවෙන්ම මෙහි වඩාහිඳුවන බව කියැවේ.මෙහි ඉසුරුමුණිය පෙම් යුවලි යන නමින් ඇති ගල් කැටයම් ඇත.එම නිසා මෙම විහාරය ප්‍රසිද්ධියට පත් ව ඇත.
සමාධි බුද්ධ ප්‍රථිමාව
අභයගිරි විහාර සංකීර්ණයට අයත් ගොඩනැගිල්ලක දක්නට ඇති මෙම බුදු රුව අනුරාධපුර මුල් යුගයෙහි වූ මූර්ති කලාව පිලිබඳ ශ්‍රේෂ්ඨ සාධකයකි.බුදුන්වහන්සේගේ සමාධි ගුණය මූර්තිමත් කොට දක්වන මෙම ප්‍රතිමාව සිව්වන සියවසට හෝඅඩු වශයෙන් ඊට සියවසකට හෝ පැරණි කාලසීමාවකට අයත් විය හැකිය.මෙය හුණු ගලින් නෙලන ලද්දකි.දෙනෙත් දියමන්ති හෝ මැණික් වලින් නිර්මාණය කර ඇත.මෙහි උස අඩි 7යි අඟල් 3කි.
ගාලු කොටුව
1988 දී ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී.අක්කර 93 ක විශාලත්වයකින් යුත් ගාලු කොටුව ලන්දේසි ජාතීන්ගේ පාලන කාලයේ නිර්මාණය කරන ලදී.ලන්දේසීන් තම පාලන මධ්යස්ථානය ලෙස ගාල්ල තෝරා ගන්නා ලදී.ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව කළුගල්,හිරිගල් ද බදාම ලෙස හුඹස් මැටි හා හුණු ද යොදාගෙන ඇත.1669 වර්ෂයේ දී ගාලුකොටුව නිර්මාණය කර අවසන් විය.ගාලුකොටුවේ ඇති ප්‍රදීපගරය ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රදීපාගාරයයි.එය1848 දී අඩි 60කින් යුක්තව ඉදිකරන ලදී.ශ්‍රී ලංකාවේ ගින්නෙන් විනාශ වූ ප්‍රථම හා එකම ප්‍රදීපාගාරයයි.දැන් දක්නට ලැබෙන්නේ 1939 දී ඉදිකල ප්‍රදීපාගාරයයි.ආසියාවේ දක්නට ලැබෙන අනෙකුත් බලකොටු දෙස බලන විට විනාශ නොවී පවතින අනර්ඝ ස්මාරකයක් ලෙස මෙය අපට ගෞරවයක් ගෙන දේ.ලෝක උරුම අතරින් 451 වන ස්ථානය ගෙන ඇත්තේ ගාලුකොටුවයි.
ගල් විහාරය
ක්‍රි.ව 12 වන සියවසේ පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද මෙම විහාරය උත්තරාරාමය ලෙස ද හඳුන්වයි.බුද්ධ ප්‍රතිමා සියල්ල ගලින් නිමවා ඇති නිසා ගල් විහාරය ලෙස ද හඳුන්වයි.අඩි 42 ක් දිග සැතපෙන පිළිමය ගල් විහාරයේ සුවිශේෂ පිළිමය වන්නේ ය.මෙහි හිටි පිළිම 2ක් සහ සැතපෙන පිළිමයක් දර්ශණීය ලෙස නිමවා තිබේ.පරාක්‍රමබාහු රජතුමා තුන් නිකාය සමඟි කොට සැකසූ කතිකාවත ගල්විහාරයේ ගලෙහි කොටා තිබේ.
බුදුපිළිමවල නිර්මාණ ලක්ෂණ අනුව මුහුණේ දිගටි බව,උස්නීෂය,ලඹසවන්,සිවුර ද්විත්ව රේඛාවලින් යුක්තවීම,ඒකාංශ පාරූපනය දක්නට ලැබේ.අනුරාධපුර යුගයේ පිළිමවලට වඩා වෙනස් නිර්මාණ ක්‍රමයක් යොදා ගෙන කෘත්‍රිම ලෙන් නිර්මාණයට ද පෙළඹී තිබේ.

ශ්‍රී දළදා මාළිගාව
1988 දී යුනෙස්කෝව විසින් ශ්‍රී දළදා වහන්සේ තැම්පත් කර ඇති
දළදා මාළිගයත්, මහනුවර ශුද්ධ නගරයත් ලෝක උරුමයක් ලෙස නම් කෙරිණි.බුදුරදුන්ගේ ආදාහන උත්සවයේදී අළු නොවී ඉතිරි වූ දළදා හතරින් වම් දළදාව අප දළදා මැදුරේ තැම්පත් කර ඇත.අතීතයේ රට පාලනය කර සෑම රජ කෙනෙක්ම රටේ රජු තමා බව තහවුරු කිරීමටත්,රාජත්වය සංකේතවත් කිරීමටත් මූලික සුදුසුකම වූයේදළදා වහන්සේ තම භාරයේ සිටීමයි.වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ (ක්‍රි.ව 1707/1739)කාලයේදී දළදා මාළිගය නිම කළ බව සදහන් වේ.දළදා වහන්සේට ගරු සැලකිලි වශයෙන් සෑම වසරකම ඇසළ පෝ දින පැමිණි චාරිත්‍ර අනුගමනය කරමින් පෙරහැර පවත්වාගෙන යයි.දන්ත ධාතුව තැම්පත් කර ඇති මාළිගාවත්,ඇසළ පෙරහැරත්,දළදා වහන්සේ හා බැදුණු චාරිත්‍ර වාරිත්‍ර අපේ ජාතික උරුමයන් වන අතර එය අපගේ අනාගත පරපුර උදෙසා රැකබලා ගැනීම ජාතික යුතුකමකි.

Subscribe to:
Posts (Atom)