Monday, April 25, 2011

ගාලු කොටුව

1988 දී ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී.අක්කර 93 ක විශාලත්වයකින් යුත් ගාලු කොටුව ලන්දේසි ජාතීන්ගේ  පාලන කාලයේ නිර්මාණය කරන ලදී.ලන්දේසීන් තම පාලන   මධ්යස්ථානය ලෙස ගාල්ල තෝරා ගන්නා ලදී.ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව කළුගල්,හිරිගල් ද බදාම ලෙස හුඹස් මැටි හා හුණු ද යොදාගෙන ඇත.1669 වර්ෂයේ දී ගාලුකොටුව නිර්මාණය කර අවසන් විය.ගාලුකොටුවේ ඇති ප්‍රදීපගරය ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රදීපාගාරයයි.එය1848 දී අඩි 60කින් යුක්තව ඉදිකරන ලදී.ශ්‍රී ලංකාවේ ගින්නෙන් විනාශ වූ ප්‍රථම හා එකම ප්‍රදීපාගාරයයි.දැන් දක්නට ලැබෙන්නේ 1939 දී ඉදිකල ප්‍රදීපාගාරයයි.ආසියාවේ දක්නට ලැබෙන අනෙකුත් බලකොටු දෙස බලන විට විනාශ නොවී පවතින අනර්ඝ ස්මාරකයක් ලෙස මෙය අපට ගෞරවයක් ගෙන දේ.ලෝක උරුම අතරින් 451 වන ස්ථානය ගෙන ඇත්තේ ගාලුකොටුවයි. 

1 comment: