බුද්ධ වර්ෂ 236 දී දෙවන පෑතිස් රජුගේ ආරාධනාව පරිදි මිහිදු මහරහතන් වහන්සේගේ නැගනිය වන සංඝමිත්තා තෙරණියන් වහන්සේ විසින් ලක්දිවට ගෙන එන ලද ස්ථානය ශ්‍රී මහා බෝධිය නමින් හදුන්වයි.මෙය දෙවනපෑතිස් රජු විසින් අඩි 21ක් උසටත් අඩි 71ක් දිගටත් අඩි 57ක් පළල වන සේ ගොඩනැගිල්ලක් සාදවා රෝපණය කරන ලදී.බෞද්ධ ජනයා ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන ගෞරවය දක්වන්නේ ජීවමන බුදුරජානන් වහන්සේට කරන ගෞරවය හා භක්තිය ඇතිවය.ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලෝක බෞද්ධ ජනයගේ ලෝක උරුමයකි.
Monday, April 25, 2011
ශ්‍රී මහා බෝධිය

ඉසුරුමුණිය
මෙය අතීතයේ මේඝගිරි විහාරය නමින් හඳුන්වන ලදී.මෙය මහාමේඝ වනයේ පිහිටා තිබූ හෙයින් දෙවන පැතිස් රජතුමාගේ කාලයේ සිට පැවත එන බව සිතිය හැක.දළදා වහන්සේ පළමුවෙන්ම මෙහි වඩාහිඳුවන බව කියැවේ.මෙහි ඉසුරුමුණිය පෙම් යුවලි යන නමින් ඇති ගල් කැටයම් ඇත.එම නිසා මෙම විහාරය ප්‍රසිද්ධියට පත් ව ඇත.
සමාධි බුද්ධ ප්‍රථිමාව
අභයගිරි විහාර සංකීර්ණයට අයත් ගොඩනැගිල්ලක දක්නට ඇති මෙම බුදු රුව අනුරාධපුර මුල් යුගයෙහි වූ මූර්ති කලාව පිලිබඳ ශ්‍රේෂ්ඨ සාධකයකි.බුදුන්වහන්සේගේ සමාධි ගුණය මූර්තිමත් කොට දක්වන මෙම ප්‍රතිමාව සිව්වන සියවසට හෝඅඩු වශයෙන් ඊට සියවසකට හෝ පැරණි කාලසීමාවකට අයත් විය හැකිය.මෙය හුණු ගලින් නෙලන ලද්දකි.දෙනෙත් දියමන්ති හෝ මැණික් වලින් නිර්මාණය කර ඇත.මෙහි උස අඩි 7යි අඟල් 3කි.
ගාලු කොටුව
1988 දී ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී.අක්කර 93 ක විශාලත්වයකින් යුත් ගාලු කොටුව ලන්දේසි ජාතීන්ගේ පාලන කාලයේ නිර්මාණය කරන ලදී.ලන්දේසීන් තම පාලන මධ්යස්ථානය ලෙස ගාල්ල තෝරා ගන්නා ලදී.ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව කළුගල්,හිරිගල් ද බදාම ලෙස හුඹස් මැටි හා හුණු ද යොදාගෙන ඇත.1669 වර්ෂයේ දී ගාලුකොටුව නිර්මාණය කර අවසන් විය.ගාලුකොටුවේ ඇති ප්‍රදීපගරය ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රදීපාගාරයයි.එය1848 දී අඩි 60කින් යුක්තව ඉදිකරන ලදී.ශ්‍රී ලංකාවේ ගින්නෙන් විනාශ වූ ප්‍රථම හා එකම ප්‍රදීපාගාරයයි.දැන් දක්නට ලැබෙන්නේ 1939 දී ඉදිකල ප්‍රදීපාගාරයයි.ආසියාවේ දක්නට ලැබෙන අනෙකුත් බලකොටු දෙස බලන විට විනාශ නොවී පවතින අනර්ඝ ස්මාරකයක් ලෙස මෙය අපට ගෞරවයක් ගෙන දේ.ලෝක උරුම අතරින් 451 වන ස්ථානය ගෙන ඇත්තේ ගාලුකොටුවයි.
ගල් විහාරය
ක්‍රි.ව 12 වන සියවසේ පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද මෙම විහාරය උත්තරාරාමය ලෙස ද හඳුන්වයි.බුද්ධ ප්‍රතිමා සියල්ල ගලින් නිමවා ඇති නිසා ගල් විහාරය ලෙස ද හඳුන්වයි.අඩි 42 ක් දිග සැතපෙන පිළිමය ගල් විහාරයේ සුවිශේෂ පිළිමය වන්නේ ය.මෙහි හිටි පිළිම 2ක් සහ සැතපෙන පිළිමයක් දර්ශණීය ලෙස නිමවා තිබේ.පරාක්‍රමබාහු රජතුමා තුන් නිකාය සමඟි කොට සැකසූ කතිකාවත ගල්විහාරයේ ගලෙහි කොටා තිබේ.
බුදුපිළිමවල නිර්මාණ ලක්ෂණ අනුව මුහුණේ දිගටි බව,උස්නීෂය,ලඹසවන්,සිවුර ද්විත්ව රේඛාවලින් යුක්තවීම,ඒකාංශ පාරූපනය දක්නට ලැබේ.අනුරාධපුර යුගයේ පිළිමවලට වඩා වෙනස් නිර්මාණ ක්‍රමයක් යොදා ගෙන කෘත්‍රිම ලෙන් නිර්මාණයට ද පෙළඹී තිබේ.

ශ්‍රී දළදා මාළිගාව
1988 දී යුනෙස්කෝව විසින් ශ්‍රී දළදා වහන්සේ තැම්පත් කර ඇති
දළදා මාළිගයත්, මහනුවර ශුද්ධ නගරයත් ලෝක උරුමයක් ලෙස නම් කෙරිණි.බුදුරදුන්ගේ ආදාහන උත්සවයේදී අළු නොවී ඉතිරි වූ දළදා හතරින් වම් දළදාව අප දළදා මැදුරේ තැම්පත් කර ඇත.අතීතයේ රට පාලනය කර සෑම රජ කෙනෙක්ම රටේ රජු තමා බව තහවුරු කිරීමටත්,රාජත්වය සංකේතවත් කිරීමටත් මූලික සුදුසුකම වූයේදළදා වහන්සේ තම භාරයේ සිටීමයි.වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ (ක්‍රි.ව 1707/1739)කාලයේදී දළදා මාළිගය නිම කළ බව සදහන් වේ.දළදා වහන්සේට ගරු සැලකිලි වශයෙන් සෑම වසරකම ඇසළ පෝ දින පැමිණි චාරිත්‍ර අනුගමනය කරමින් පෙරහැර පවත්වාගෙන යයි.දන්ත ධාතුව තැම්පත් කර ඇති මාළිගාවත්,ඇසළ පෙරහැරත්,දළදා වහන්සේ හා බැදුණු චාරිත්‍ර වාරිත්‍ර අපේ ජාතික උරුමයන් වන අතර එය අපගේ අනාගත පරපුර උදෙසා රැකබලා ගැනීම ජාතික යුතුකමකි.

දඹුල්ල රජ මහා විහාරය
ශ්‍රී ලංකවේ විශාලම හා වැදගත්ම ලෙන් විහාරය රන් ගිරි දඹුළු රජමහා විහාරයේ ලෙන් විහාරයයි.1991 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී. ක්‍රි.පූ 103-89 කාලවලදී වළගම්බා රජතුමා විසින් සාදන ලදී.ක්‍රි.පූ 3 වන සියවසේදී මෙහි භික්ෂූන් වහන්සේලා භාවනායෝගී ව සිටි බව සදහන් වේ.මහාරාජ විහාරය නම් විශාල ලෙනේ ප්‍රතිමාවන් 160 ක ප්‍රමාණයකුත් බුද්ධ චරිතය ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබිඹු වන බිතු සිතුවම් විශාල ප්‍රමාණයක් දැකිය හැකිය.වර්තමානයේ දී දක්නට ලැබෙන්නේ මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස දෙවරගම්පල නමැති ශිල්පියා විසින් අඳින ලද චිත්‍රයි.ලෝක උරුම ලැයිස්තුවේ 561 ඒන ස්ථානය හිමිව ඇත්තේ රන්ගිරි දඹුලු රජමහා විහාරයටයි.ශ්‍රී ලංකාවේ එකම තැනක වැඩිම ස්තුවම් ප්‍රමාණයක් දැකිය හැක්කේ ද මෙහිය.
සීගිරිය
1982 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කල සීගිරිය ලොව අටවන පුදුමය ලෙස සැලකේ.ක්‍රි.ව 477 දී 1ඒන කාශ්යප රජු තම රාජධානිය බවට සීගිරිය පත් කර ගන්නා ලදී.සීගිරි පර්වතය මීටර් 200 ක උසින් යුතු ශේෂ කන්දකි.කදු මුදුනේ රජ මාලිගාවක නටඹුන් දක්නට ලැබේ.ශ්‍රී ලංකාවේ අතීත ගෘහ නිර්මාණ ශිල්පයේ හාස්කම් ලොවට විදහා දැක්වීමේ කැඩපත සීගිරියයි.දැනට ලොව ඉතිරිව ඇති පැරණිම උද්යාන වලින් එකක් ලෙස සැලකෙන සීගිරියේ ජල තාක්ෂණය පිලිබදව හසල දැනුමකින් යුතු බවට පැහැදිලි වන්නේ වර්තමානයේදී පවා වතුර මල් ක්‍රියාත්මක වීමයි.සිංහයෙකුගේ දෙපා අතුරින් ආරම්භ වී මුවින් උඩට විහිඩෙන ලෙස නිර්මානය කර ඇති පිය ගැට පෙළ අවසන් වන්නේ පර්වතයේ බෑවුම් ප්‍රදේශයෙනි.සීගිරියේ දක්නට ලැබෙන කැටපත් පවුර සුවිශේෂ වැදගත්කමකින් යුක්ත වේ.මෙහි ඇති කුරුටු ගී 600 ක් පමණ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් කියවා අවසන් කර ඇත.මෙම ගීත 13 වන සියවස දක්වා කාලය තුළ රචනා කරන්නට ඇතැයි සිතිය හැක.සීගිරිය ලෝක ප්‍රකට වන්නේ එහි ඇති බිතුසිතුවම් නිසාය.දැනට බිතුසිතුවම් 20 ක් පමන සොයාගෙන ඇත.කාන්තවන්ගේ රෑප ශොඅභාව ව්දහා දැක්වීමට මෙම සිතුවම් ටොදා ගෙන ඇත.මෙම බිතුසිතුවම් අජන්තාබිතු සිතුවම් වලට සමානකමක් දක්වයි.එම නිසා සීගිරි පර්වතය, එහි නටඹුන්,බිතු සිතුවම්,කුරුටු ගී අපගේ උරුමයන්ය.ඊවා අනාගත පරපුරට සුරැකිව තබා ගත යුතුය.
අභයගිරිය
බුද්ධ වර්ෂ 454 දී වට්ටගාමිණී අහය හෙවත් වළගම්බා රජු විසින් ගිරි නිගණ්ඨාරාමය කඩා දමා රජුගේ නමත් එක්කොට අභයගිරිය නම් චත්ත්යක් කරවීය.ධාතූන් වහන්සේලා තැම්පත් කළ ස්වර්ණමය ගව රූපයක් ද,රන්පත් වල ලියූ ත්‍රිපිටකය ද මෙහි නිදන් කර ඇති බව සඳහන් වේ.වට ප්‍රමාණය අඩි 1355 ක් පමණ වන අතර උස අඩි 345කි.ඩැනට ලොව ඇති දෙවන උසම ගඩොල් ස්මාරකය ලෙස පිලිගනී.
Friday, April 22, 2011
ජේතවනාරාමය
බුද්ධ වර්ෂ 819 දී මහසෙන් රජු විසින් කරවන ලදී.මෙම චෛත්යය රාජයා නන්දන ජෝතිවන නම් උයනෙහි පිහිටි බැවින් ජේතවන නම් විය.
බුදුන්වහන්සේගේ පාත්‍රා ධාතුවෙන් කොටසක් ද මෙහි නිදන් කර ඇති බව සදහන් වේ.සිරිමෙවන්,මහානාග,ඇග්බෝ ඇදි බොහෝ රජවරු විසින් මෙය ප්‍රතිසංස්කරණය කර ඇත.ස්ථූපයේ පාදමයේ උස අඩි 1147 ක් වන අතර දාගැබ් මලුව අක්කර 7කි.දැනට ඇති උසම ගඩොල් ස්මාරකය ලෙස පිළිගනී.
ථුපාරාමය
බු:ව 236 දෙවන පෑතිස් රජු ව්සින් බුදුන් වහන්සේ දකුනු අකු ධාතුව නිදන් කොට තනන ලදී.මෙම චෛත්යය ලංකවේ ප්‍රථම වරට ඉදිවු ස්ථූපය බව පිලිගෙන ඇත.මෙහි වට අඩි 194ක් ද උස අඩි 63ක් බව සදහන් වේ.
ලෝවාමහාපාය
මෙය පොහොය ගෙයකි. දෙවන පෑ තිස් රජු විසින් කරවන ලද ප්‍රථම පොහොය ගෙය මෙය වේ. දුටුගැමුණු රජු විසින් මෙම ස්ථානයේ නව මහල් ප්‍රාසාදයක් කරවා ලෝහ උලු සෙවිලි කල හෙයින් ලෝවාමහාපාය නමින් සදහන් වේ.සද්ධාතිස්ස රජුගේ කාලයේ මෙය ගින්නෙන් දැවී ගොස් ඇත.ඔහු ව්සින් නැවත සත් මහල් ප්‍රාසාදයක් කරවීය.නැවත අභාවයට යත්ම ධාතුසේන ආදි රජවරුන් ව්සින් ලෝවා මහාපාය නැවත ප්‍රතිසංස්කරණය කරවීය.දැනට මෙහි ගල්කණු 1600ක් පිහිටා තිබේ.
රුවන්වැලි මහා සෑය
ලක්දිව එක්සේසත් කොට බුදු සසුන රැකගත් දුටුගැමුණු මහ රජු විසින් ස්වර්නමාලී නම් දෙව්දුව අරක්ගත් තෙලඹු ගස කපා එම ස්ථනයේ කර වූ චෛත්තය ස්වර්ණමාලී හෙවත් රුවන්වැලිසෑය නම් වේ.
විසි රියනක් උසට කර වූ මෙම චෛත්තය වැඩ අවසන් කිරීමට පෙර රජතුමා මිය ගිය බවත්,ඉතිරි වැඩ නිම කරන ලද්දේ දුටුගැමුණු රජුගේ මළනුවන් වූ සද්ධාතිස්ස රජු විසින් යැයි ඉතිහාසගත තොරතුරුවලින් පැවසේ.මෙහි සර්වඥ ධාතූන් ද්‍රෝණයක් පමණ නිඩන් කර ඇති බවද විශල ධනයක් වියදම් කොට ධාතු ගර්භයේ සිතුවම් රනන් කරවා ඇති බවත් සදහන් වේ.සලපතල මලුව අලලා ඇත් පවුර නිර්මාණය කර ඇත.මෙය හේමමාලී,රත්නමාලී,මහාස්ථූපය ලෙස නම් කර ඇත.
Subscribe to:
Posts (Atom)